Gossips

දකුණු සුඩානයේ ගුවන් අනතුරකින් 19 ක් මරුට

දකුණු සුඩානයේ ජුබා අගනුවර සිට යිරොල් නගරය දක්වා ගමන් ගත් කුඩා ගුවන්යානයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කලේ යානය අනතුරට ලක්වන අවස්ථාවේ එහි 23 දෙනෙකු ගමන් කර ඇති බවයි.
කඩා වැටුනු ගුවන්යානා අනතුරින් මෙලෙස මියගොස් ඇත්තේ උගන්ඩා හා ඉතියෝපියානු ජාතිකයින් පිරිසක් වන අතර ඉන් හතරදෙනෙකු දිවි බේරාගෙන ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.