Gossips

පුත්තලමටත් කසල එපා

පුත්තලම – අරුවක්කාලු සනීපාරක්ෂක කසල රඳවන ව්‍යාපෘතියට එරෙහිව එම ව්‍යාපෘති භූමියේ අද (09) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වුණා.
මෙම විරෝධතාව ආරම්භ වුණේ අද පෙරවරු 9.00 ට පමණ.
ඒ, වනාතවිල්ලුව සේරක්කුලිය සහ කරතිව් යන ගම්මානවල ජනතාව දහසකට අධික සංඛ්‍යාවක් සේරන්කුලිය කලපු ප්‍රදේශයේ සිට පා ගමනින් මෙම ස්ථානයට පැමිණීමෙන් අනතුරුවයි.
විරෝධතාව පැවති භූමියට වගකිව යුතු නිලධාරියෙක් නොපැමිණීම හේතුවෙන් ප්‍රකෝපකාරී වූ විරෝධතාකරුවන් වැඩ අංගනයේ ප්‍රධාන කාර්යාලයට කඩා වැදී එයට හානිකර තිබුණා.
පසුව මෙම විරෝධතාව විසුරුවාහැරීම සදහා පොලිසිය ද මැදිහත් වූ අතර විරෝධතාකරුවන් විසිර ගියේ නිසි විසදුමකින් තොරවයි.