Gossips

ව්‍යාජ දොස්තර කොටුකළ CIA මෙහෙයුම

වෛද්‍යවරුන් ලෙස ව්‍යාජව පෙනී සිටි පුද්ගලයන් ලබාදුන් ඖෂධ හරහා පසුගිය කාලයේ රට පුරා රෝගීන්ට සිදුවු අපහසුතාවන් පිළිබද පුවත් රැසක් වාර්තා වුණා.
අද සී.අයි.ඒ. අනාවරණය ද දඹුල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් ජනතාවට ඖෂධ නිකුත් කරන පුද්ගලයෙකු පිළිබදවයි.
දඹුල්ල නගරයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකින් රෝගීන් පරීක්ෂාකර ඖෂධ ලබාදීම මෙන්ම වෛද්‍ය වාර්තා නිකුත් කිරීම ද වෛද්‍යවරුන් නොවන
පුද්ගලයන් සිදුකරන බවට හිරු සී.අයි.ඒ. වෙත තොරතුරු වාර්තා වුණා.
එහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට හිරු සී.අයි.ඒ. කණ්ඩායමේ සාමාජිකයෙකු එම වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුළුවුයේ රෝගී තත්ත්වයක් ඇති බව පවසමින්.