Gossips

රජීව් ඝාතකයන් නිදහස් කරන්නැයි තමිල්නාඩු කැබිනට්ටුවෙන් ආණ්ඩුකාරවරයාට නිර්දේශ

රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවී සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක වන නලිනි ශ්‍රීහරන් ඇතුළු හත්දෙනා නිදහස් කරන ලෙස තමිල්නාඩු ප්‍රාන්ත අමාත්‍ය මණ්ඩලය ආණ්ඩුකාරවරයාට නිර්දේශ කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වන සිය තීරණය ආණ්ඩුකාරවරයා වෙත වහාම ලිඛිතව දැනුම්දෙන බවයි ප්‍රාන්ත රජයේ අමාත්‍යවරයෙකු ප්‍රකාශ කළේ.
සිය ලිපිය මගින් තමිල්නාඩු ප්‍රාන්ත රජය පෙන්වා දෙන්නේ තම තීරණය පිළිගැනීම හැර ආණ්ඩුකාරවරයාට වෙනත් විකල්පයක් නොමැති බවයි.
කෙසේ නමුත් රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් සිරදඬුවම් විඳින හත්දෙනා පිළිබඳ කිසියම් සහනයක් ලබාදිය හැකිදැයි සළකා බලන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තමිල්නාඩු ආණ්ඩුකාරවරයාට බලය පවරා තිබෙනවා.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත්වූ පෙත්සම් සියල්ල ප්‍රතික්ෂේප කෙරුණේ මධ්‍යම රජය ඊට දැඩි ලෙස විරුද්ධත්වය පළ කිරීම හේතුවෙන්.