Gossips

වගා ළිඳේ කිඹුල් මෙහෙයුම (ඡායාරූප)

මඩාටුගම, හැවැන්තැන්නේගම ප්‍රදේශයේ වගා ළිඳක සිටි මව් කිඹුළියක සහ පැටවුන් 12 දෙනෙකු ගල්කිරියාගම වනසත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් විසින් අල්ලා ඉවත් කිරීමට ඊයේ (08) කටයුතුකර තිබෙනවා.
අඩි 25ක් පමණ ගැඹුරකින් යුත් වගා ළිඳේ, ළිං කට ආසන්නයේ සාදාගත් කුහරයක් තුළ මෙම කිඹුළිය බිත්තර දමා පැටවුන් බිහිකර තිබූ බවයි වාර්තා වන්නේ.
වන ජීවි නිලධාරින් විසින් පළමුව ළිඳෙහි පිරි තිබූ ජලය ඉවත් කර අනතුරුව කිඹුළිය සහ පැටවුන් ඉන් ඉවතට ගෙන ඇති බව සඳහන්.
මෙලෙස මුදා ගත් කිඹුළිය සහ පැටවුන් සුදුසු අභයභූමියකට නිරුපද්‍රිතව මුදා හැරීම සදහා රැගෙන යාමට වනජීවී නිලධාරීන් කටයුතුකළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඡායාරූප – කැකිරාව, කුෂාන් ජයවර්ධන