Gossips

ඉඟුරුවත්තෙන් හමුවූ හිස සුන් දිවියා (ඡායාරූප)

ඝාතනය කර තිබූ දිවියෙකුගේ සිරුරක් රක්ෂිතයක තිබි හමුවූ බව නුවරඑළිය වනජීවි කාර්යයාලයේ නිලධාරින් පවසනවා.
කුරුදුවත්ත පොලිසියට ලද තොරතුරක් මත ගම්පොළ පොලිස් වසමට අයත් කුරුදුවත්ත, ඉඟුරුවත්ත – තේ වතුයායේ රක්ෂිතයේ තිබී ඝාතනය කර තිබූ දිවියාගේ සිරුර සොයාගෙන තිබෙනවා.
අඩි 06ක් පමණ දිගකින් යුත් මෙම සත්වයා ඝාතනය කර දිවියාගේ හිස දඩයම්කරුවන් විසින් රැගෙන ගොස් ඇති බවයි වනජීවි නිලධාරින් පවසන්නේ.
වනජීවි නිලධාරීන් සැකපල කරන්නේ අවුරුදු 25-30 අතර වයසේ පසුවූ මෙම දිවියාට හක්කපටස් යොදාගනිමින් හෝ වස මිශ්‍ර ආහාර ලබාදි ඝාතනය කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර දිවියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා උඩවල පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන යාමට නියමිත බවයි නුවරඑලිය වනජිවි කාර්යාලය පවසුවේ.

ඡායාරූප – හැටන්, රංජිත් රාජපක්ෂ