Gossips

මෙරට අභිමානය සමස්ථ ආසියාවටම පෙන්වමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු දැල් පන්දු ශූරතාවේ පහස විඳගනී

2018 ආසියානු දැල් පන්දු තරඟාවලියේ 05 වන වරටත් ශුරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම අද (09) සමත් වුණා.
ඒ අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වූ සිංගප්පූරු කණ්ඩායම පරාජයට පත් කරමින්.
අවසන් තරඟයේ ලකුණු සටහන දැක්වුණේ 69ට 50ක් ලෙසයි.
මෙවර ආසියානු දැල් පන්දු තරගාවලියේ අපරාජිත වූ ශ්‍රී ලංකා පිළ එංගලන්තයේ ලිවර්පූල් හි ලබන වසරේ පැවැත්වෙන ලෝක ශූරතා දැල් පන්දු තරගාවලිය සඳහා ද සුදුසුකම් ලබා ගත්තා.
ශ්‍රී ලංකාව සහ සිංගප්පුරුව අතර පැවති අවසන් මහා තරඟය පහතින්..