Gossips

තෙල් පැතිරයාම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙලක් (ඡායාරූප)

මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා අංගනයට නෞකාවල සිට තෙල් රැගෙන යන බෝයාවේ නළයක සිදුව ඇති කාන්දුව හේතුවෙන් තෙල් පැතිරයාම වැළැක්වීම සඳහා මේ වනවිටත් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
දැනට කාන්දුව හේතුවෙන් දික් ඕවිට සහ උස්වැටකෙයියාව දක්වා වූ වෙරළ තීරයට තෙල් පැතිර ගොස් ඇති අතර, ඒවා ඉවත් කිරීමේ කටයුතු සඳහා නාවික හමුදාව මේ වනවිටත් කටයුතු කරමින් සිටිනවා.
මේ සඳහා නාවික හමුදාව මෙන්ම වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නිලධාරීන් 300කට අධික පිරිසක් එක්ව සිටින බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.