Gossips

නේපාලය, ඉන්දීය යුද අභ්‍යාසයෙන් ඉවත්වෙයි

බිම්ස්ටෙක් හෙවත් බෙංගාල බොක්ක වටද්දර රටවල සහයෝගීතා සංවිධානයේ ඒකාබද්ධ යුද අභ්‍යාසයෙන් ඉවත්වන බව නේපාලය ප්‍රකාශ කළා.
ඉදිරි සතියේ ඉන්දියාවේ පූනේ කේන්ද්‍රකොටගෙන පැවැත්වීමට නියමිත එම යුද අභ්‍යාසය සම්බන්ධයෙන් නේපාල දේශපාලන පක්ෂ විරුද්ධත්වය පළ කිරීම ඊට හේතුව බව සඳහන්.
පසුගියදා පැවති බිම්ස්ටෙක් සමුළුවේදී අග්‍රාමාත්‍ය කේ.පී. ඔලි ප්‍රකාශ කළේ ඊට නේපාලයද එක්වන බවයි.
කෙසේ නමුත් රජයේ තීරණයක් මත ඉන් ඉවත්වීමට තීරණය කළ බව අග්‍රාමාත්‍ය ඔලිගේ ප්‍රකාශකයෙකු අද සඳහන් කළා.