Gossips

ඉම්රාන් ඛාන්ගේ රජයට හිටපු බිරිඳගෙන් චෝදනාවක්

ක්‍රිකට් ක්‍රීඩාවෙන් දේශපාලනයට පිවිසි පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ රජයට ඔහුගේ පැරණි බිරිඳ වූ ජෙමීමා ගෝල්ඞ්ස්මිත් චෝදනාවක් එල්ල කළා.
ඒ, ඔහුගේ රජය අන්තවාදී කණ්ඩායම්වල ග්‍රහණයට හසුවී ඇති බවට චෝදනා කරමින්.
අහමදි ආගමික නිකායට අයත් මහාචාර්යවරයෙකු පාකිස්තාන ආර්ථික කවුන්සිලයෙන් ඉවත් කිරීමයි මෙහිදී ඇය විශේෂයෙන් දක්වා ඇත්තේ.
සුළු ජන කොටස නියෝජනය කරන පුද්ගලයෙකු, ඉම්රාන් ඛාන් රජය මෙලස ඉවත් කළත්, පාකිස්තානයේ නිර්මාතෘ මොහොමඞ් අලි ජින්නා සිය විදේශ අමාත්‍යවරයා ලෙස අහමදි භක්තිකයෙකු පත් කළ බවයි එංගලන්තයේ සිටින ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳ පෙන්වා දුන්නේ.