Gossips

කැළයකට ගොස් කළ කොල්ලය

යහළුවන් ලෙස හුංගම උස්සන්ගොඩ කැළයට ගිය තරුණියක් ඇතුළු තරුණයින් හතර දෙනෙක් එක් තරුණයකුගේ රන් ආභරණ සියල්ලම හා තවත් තරුණයකුගේ ජංගම දුරකථනය කොල්ලකා පලා ගොස් ඇති බවට හුංගම පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
ජංගම දුරකථනය කොල්ලකෑම රඟපෑමක් ලෙස සිදු කර නැවත එය අදාළ තරුණයාටම ලබා දී ඇති බවත් පවුම් හතරකට වැඩි රන් ආභරණ පැළඳ සිටි වැටිය ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන තරුණයාගේ සියළු රන් ආභරන කොල්ලකෑම සඳහා සංවිධානත්මකව තරුණිය සමඟ මෙම කණ්ඩායම යහළුවන් සේ උසන්ගොඩ කැළයට පැමින ඇති බව සිද්ධිය සම්බන්දව ඒකාබද්ධ පරීක්ෂනයක් සිදු කල තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය හා හුංගම පොලීසිය පවසනවා.
වැටිය ප්‍රදේශයේ තරුණයා පොලිසියට සිදු කල පැමිනිල්ලට අනුව පරීක්ෂන පැවැත් වූ තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීහු සෙසු තරුණයින් තිදෙනා සහ තරුණිය (07) අත්අඩංගුවට ගැනිමට හැකිවිය.
තරුණිය සූරියවැව ප්‍රදේශයේ විවාහක කාන්තාවක් වන අතර ස්වාමිපුරුෂයා හැර ගොස් තිබෙනවා.
අඟුණකොලපැලැස්ස බිංකම ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙක් වන අතර අනික් තරුණයා එරමිණියායේ පදිංචි අයෙක්.
වැටිය ප්‍රදේශයේ තරුනයා සමඟ මෙම පිරිස උසන්ගොඩ කැළයට ගොස් මෙම මංකොල්ලකැම සිදු කර තිබෙනවා.
වැටිය ප්‍රදේශයේ පදිංචි කොල්ලකෑමට ලක් වූ තරුණයාගේ මුදල් පසුම්බිය තුල හැඳුනුම් පත හා බැංකු පොත් තිබූ හෙයින් ක්‍රෙඩිට් කාඩ් පතක් සකස් කර බැංකු පොතින් ද රුපියල් එක් ලක්ප හත් දහසක මුදලක් මෙම කණ්ඩායම ලබා ගෙන ඇති බවද පොලිසිය පවසනවා.
කොල්ලකන ලද රන් ආභරණ හා මුදල් වටිනාකම රුපියල් ලක්ෂ තුනහමාරක් පමන වන අතර එම රන්භාන්ඩ උගස් කර තිබිය දී පොලීසිය සෙයාගෙන ඇති බවත් මුදල් රුපියල් 75000 ක් පමන සොයාගත් බවද පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හුංගම පොලීසිය මගින් අඟුණකොලපැලැස්ස මහේස්ත්‍රාත් තුමිය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.