Gossips

ජපාන ක්‍රීඩිකාවකට ඓතිහාසික ජයග්‍රහණයක්

ජපාන ටෙනිස් ක්‍රීඩිකා න ඕමි ඔසාකා, ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාව ජයග්‍රහණය කිරීමට ඊයේ සමත් වුණා.
ඒ, ප්‍රවීන ඇමරිකානු ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් 6ට දෙකක් සහ 6ට 4ක් ලෙස පරාජයට පත් කරමින්.
නිව්යෝක් නුවර දී ඇය ලැබූ ජයග්‍රහණය පිළිබදව සුබ පතමින් ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ද ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව පරදවමින් න ඕමි ඔසාකා ලද ජයග්‍රහණය සුවිශේෂී වන්නේ ඇය ප්‍රධාන පෙළේ ග්‍රෑන්ඩ් ස්ලෑම්, කේවළ ටෙනිස් ශූරතාවක් ජය ගත් ප්‍රථම ජපාන ක්‍රීඩිකාව වීම හේතුවෙන්.