Gossips

අද සිට පළාත් කිහිපයකට පස්වරුවේ වැසි

අද සිට අනිද්දා දක්වා දිවයිනේ උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇති වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න කියා සිටියේ අද දිනයේ උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක පස්වරුවේ වැසි ඇති විය හැකි බවයි.
සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් පවතිනවා.
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩිවීමේ හැකියාවක් ද පවතින අතර එවිට එම මුහුදු ප්‍රදේශ තරමක් රලු විය හැකියි.