Gossips

ට්‍රම්ප් ලිපියක් අපේක්ෂාවෙන්

උතුරු කොරියානු නායක කිම් ජොං අන්, තමාට යොමුකර ඇති ලිපිය ධනාත්මක ප්‍රතිචාරයන් සහිත එකක් වනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශ්වාසය පළ කර තිබෙනවා.
න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් ඇති කර ගත් එකඟතා පිලිබඳව නැවුම් බලාපොරොත්තුවක් ඒ හරහා උතුරු කොරියාව සම්බන්ධයෙන් පවත්වා ගත හැකිවනු ඇතැයි ඔහුගේ බලාපොරොත්තුවයි.
ඇමරිකානු ජනාධිපතිවරයා වෙත භාරදීම සඳහා වන ලිපියක් උතුරු කොරියානු නායකයා යොමුකර ඇති බව මීට පෙර වාර්තා වුණා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය හරහා ද උතුරු කොරියානු නායකයා න්‍යෂ්ටික අවි හරණය සම්බන්ධයෙන් ගෙන ඇති නව පියවර පිළිබඳව ප්‍රශංසාව පළ කර ඇති බවයි.