Gossips

විශ්වවිද්‍යාල ශුද්ධ භූමි නොවන බව අන්තරේ කියයි

සමස්ත සමාජයේම පවතින ප්‍රචණ්ඩත්වය විශ්වවිද්‍යාල තුළ පැවතීම පුදුමයක් නොවන බව, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර මේ බව කියා සිටියා.
නවක වදය නිසා සරසවි සිසුන් මියගිය බවට වාර්තා පළ වුව ද, 1998 වසරෙන් පසුව කිසිදු ශිෂ්‍යයෙකු නවක වදය හේතුවෙන් මියගොස් නැතැයි ඔහු එහිදී සඳහන් කළා.
එමෙන්ම විශ්වවිද්‍යාල ශුද්ධ භූමි නොවන බව ද ඔහු එහිදී කියා සිටියා.
මේ අතර, නවක වදය ලබාදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ දඬුවම් නියමවී ඇති සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාරය අහෝසි කිරීමට තීරණය කර ඇති බව ලලිත් ඇතුලත්මුදලි මහපොල ශිෂ්‍යත්ව භාර අරමුදල අද ප්‍රකාශ කළා.