Gossips

පාතාල ක්‍රියාකාරකම් දෙස බලා ආණ්ඩුව නිහඬව බලා සිටිනවා – හිටපු ජනපති

ඉහළ යමින් පවතින පාතාල ක්‍රියාකාරකම් දෙස බලා ආණ්ඩුව නිහඬව බලා සිටින බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ අඹේපුස්ස ප්‍රදේශයේ අද පැවති ආගමික උත්සවයක් අමතමින්.
ඓතිහාසික තලගම – අඹේපුස්ස රජමහා විහාරස්ථානයේ දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලට මුල්ගල තැබීම අද පෙරවරුවේ සිදුකෙරුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
-මහින්ද රාජපක්ෂ පා.ම හිටපු ජනාධිපති
– දැන් අලුත් සංස්කෘතියක් හඳුන්වලා දෙන්න අද සමහර කොටස් කටයුතු කරගෙන යනවා.සමහරු පොත් ලියනවා.බුදුන්ගේ රස්තියාදුව.. කියලා.තව එක්කනෙක් කියනවා පන්සිල් පද 5 විකෘති කරලා අවසානයේ කියනවා නිර්වස්ත්‍රං පරමං සුඛං කියලා.අනිත් අයට අපහාස කරන හැබැයි ඒ තමන්ගේ ඇහේ තිබෙන මෝල් ගහ පේන්නේ නැති සමහර නායකයෝ නායිකාවෝ මේ වගේ කටයුතුවලට සහභාගීවීම නිසා අපිට තවත් බියක් ඇති වෙනවා.පාතාලය රජවෙලා මම ඊයේ පත්තරෙත් ,ටී වී එකෙත් දැක්කා අත් – පා කපලා ඇඟිලි කපලා එක එක තැන්වල දාලා ගිහිල්ලා මහ ම්ලේච්ච මිනී මැරුම් සංඛ්‍යාවක් අද සිදු වෙමින් පවතිනවා.ඉතිං මේවා බල බල ආණ්ඩුව නිහඬව ඉන්නවා.අහගෙන හිටියා හාමුදුරුවනේ පසුගිය දවසක විවාදයක් මේ රටේ ඉන්න ඉහළම ව්‍යාපාරිකයෝ එක්කෙනෙක් විතරක් මේ බදු අය කරන ආකාරය හොඳයි කියලා කිව්වා.අනිත් ඔක්කෝම ආණ්ඩුවට බැණ්නා. පල්ලෙහා තලයේ ඉඳලා ඉහළ තලය දක්වා පීඩනයට ලක්වුණ යුගයක් ඉතිහාසයේ කවදාකවත් තිබුනේ නැහැ.මේවා වෙනස් කළ යුතු කාලය ඇවිල්ලා.ඒ සඳහා ඔබ සූදානම් වෙන්න.