Gossips

ජන බලය විරෝධතාව අතර තුර මියගිය පුද්ගලයාට අවසන් ගෞරව දක්වන්න ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් එක්වෙයි (ඡායාරූප)

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ පසුගිය 05 වනදා සංවිධානයකර තිබූ "ජන බලය කොළඹට" විරෝධතාවට සහභාගී වී සිටියදී හෘදයාබාධයකින් මියගිය පුද්ගලයාගේ දේහයට අවසන් ගෞරවය දැක්විමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් ඔහුගේ නිවසට පැමිණියා.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම, මහින්දානන්ද අලුත්ගමගේ සහ සී.බී රත්නායක යන මන්ත්‍රීවරුන් මෙලෙස මියගිය ජගත් විමලසුරියගේ හැටන්, කුඩාගම ප්‍රදේශයේ පිහිටි නිවසට පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
39 හැවිරිදි ජගත් විමලසුරිය තිදරු පියෙක් වන අතර ඔහු වෘත්තියේ පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු වශයෙන් සේවය කරමින් සිටියා.
ඔහුගේ අවසන් කටයුතු අද (08) පස්වරුවේ හැටන්, කුඩාගම පොදු සුසාන භූමියයේදී සිදුකිරීමට නියමිතයි.



ඡායාරූප – හැටන්, රංජිත් රාජපක්ෂ