Gossips

නවකවදයට දඬුවම් ලබන සිසුන්ට, මහපොළ අහිමි වෙයි

නවක වදය ලබාදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ දඬුවම් නියමවී ඇති සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාරය අහෝසි කිරීමට තීරණය කර ඇති බව ලලිත් ඇතුලත්මුදලි මහපොල ශිෂ්‍යත්ව භාර අරමුදල පවසනවා.
එහි අධ්‍යක්‍ෂ පරාක්‍රම බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් මේ බව කියා සිටියා.
මේ අතර, නවක වදය සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
හිඟුරක්ගොඩ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට මුල්ගල් තැබීමේ උත්සවයට ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
එමෙන්ම ඉදිරියේදී ශිෂ්‍යාධාර හිමි සිසුන්ට එය කඩිනමින් ලබාදීමේ වැඩපිළිවෙලක් ලබන වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද ලලිත් ඇතුලත්මුදලි මහපොල ශිෂ්‍යත්ව භාර අරමුදලේ අධ්‍යක්‍ෂ පරාක්‍රම බණ්ඩාර සඳහන් කළා.