Gossips

පොල් මිල බසී

කොළඹ පොල් වෙන්දේසියේ දී පොල් ගෙඩියක සාමාන්‍ය මිල තවදුරටත් පහත බැස තිබෙනවා.
ඒ අනුව සියයට 2.2කින් පහළ ගිය පොල් ගෙඩියක මිල සටහන් වූයේ රුපියල් 37යි ශත 6ක් ලෙසයි.
පසුගිය බ්‍රහස්පතින්දා පැවති පොල් වෙන්දේසිය සඳහා පොල් ගෙඩි දොළොස් ලක්ෂ 32,834ක් ඉදිරිපත් කර තිබූ අතර, ඉන් දස ලක්ෂ 83,785ක්, පොල් දහසක්, රුපියල් 37,063 බැගින් අලෙවි වී තිබෙනවා.
පසුගිය ජුලි මාසය දක්වා ඉහළ මට්ටමක පැවති පොල් මිල අගෝස්තු මාසයේ පළමු සතියේ දී සියයට 30කින් පමණ පහත වැටුණා.
පොල් අස්වැන්න ඉහළ යාම ඊට හේතුවයි. 2016 සහ 2017 වසරවලදී දැඩි නියඟයකට මුහුණ පෑ ශ්‍රී ලංකාවේ පොල් අස්වැන්න මේ වසරේදී ප්‍රකෘතිමත් වෙමින් පවතිනවා.
කෙසේ නමුත්, ලෝක වෙළදපොළේ පොල් සහ පොල් තෙල් මිල ද මේ වන විට පහත වැටෙමින් පවතින බව සඳහන්.