Gossips

කිරිපැකට් මැතිසබය උණුසුම් කරයි

ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ ජන බලය කොළඹට විරෝධතාවය අතරතුර ඊට සහභාගි වූ පිරිස් වෙත විෂ මිශ්‍ර කළ බවට සැක කෙරෙන කිරිපැකට් ලබාදී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් බව, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ, වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින්.
ඊට මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පිළිතුරු දීමත් සමඟ විවාදාත්මක තත්ත්වයක් ඇති වූ අතර ෂෙහාන් සේමසිංහ, මහින්දානන්ද අලූත්ගමගේ යන මන්ත්‍රීවරුන් සහ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මෙන්ම ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා ද ඊට මැදිහත් වුණා.