වැලිකන්ද මගුල්පොකුණ රක්ෂිත ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්තු වීමෙන් තුවාල ලබා සිටි වන අලියෙකුට ප්‍රතිකාර කිරීම වනජීවී නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදු කෙරුනා.
අප වාර්තාකරු සඳහන් කළේ වයස අවුරුදු 25 ක් පමණ වන මෙම අලියාගේ පාදයකට වෙඩි වැදීමෙන් තුවාල සිදුව තිබු බවයි.
ගිරිතලේ සහ වැලිකන්ද වනජීවී නිලධාරීන් වන අලියාට ප්‍රතිකාර කළ අතර ඊට වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ද එක්ව සිටියා.
ප්‍රතිකාර කිරීමෙන් පසු වන අලියාගේ රුධිර සාම්පලයක් ද ලබාගෙන ඇති අතර එය පරීක්ෂා කර තවදුරටත් මෙම සත්වයාට ප්‍රතිකාර ලබාදෙන බවයි පශු වෛද්‍යවරුන් කියාසිටියේ.
ඡායාරූප – මනම්පිටිය නිමල් ජයරත්න