Gossips

පාසල් සිසුවියක් කෙළෙසූ පාසල් සිසුවෙක් ඇතුලු තිදෙනෙකු පොලිස් දැලේ

සෙවණගල ප්‍රදේශයේ පාසලක දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවක්‌ දූෂණය කළ තිදෙනෙක් පෙරේදා (05) සෙවණගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දූෂණයට ලක්වූ සිසුවියගේ පෙම්වතා බව කියන එම පාසලේම උසස් පෙළ ඉගෙනුම ලබන සිසුවෙක් සහ තවත් තරුණයින් දෙදෙනෙක්.
අත්අඩංගුවට පත් සැකකරුවන් ඊයේ (06) ඇඹිලිපිටිය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති
අතර සෙසු සැකකරුවන් දෙදෙනා ඇප මත නිදහස් කර තිබෙනවා.
අදාල සිසුවිය පාසලට ගොස්‌ පාසල ආරම්භ වීමට පෙර ඇය සිය පෙම්වතා වන පාසල් සිසුවා සමඟ පාසලෙන් පිට වී ත්‍රිරෝද රථයක නැගී පාළු නිවසකට ගොස්‌ ඇති බව සඳහන්.
අනතුරුව පාසල් සිසුවාගේ තවත් මිතුරන් දෙදෙනෙකු ද එම ස්ථානයට පැමිණ ඇති අතර පසුව ඔවුන් දෙදෙනා ද ඇයව දූෂණය කර ඇති අතර එම හැසිරීම් ජංගම දුරකථනයකින් වීඩියෝ කර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිට කරුණු අනාවරණය වීමත් සමඟ ඒ පිළිබදව පොලිසියට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් සැකකරුවන් අතර දූෂණයට ලක්වූ සිසුවියගේ පෙම්වතාට අමතරව ඇය මීට පෙර ප්‍රේම සම්බන්ධතාවක් පැවැත්වූ බව කියන තරුණයෙකු ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.
දූෂණයට ලක්වූ සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්යෙන් සෙවණගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.