Gossips

සේරුනුවර වැලිතොටුපළක බෝට්ටු 35ක් ගිනි ගනී

මහවැලි ගඟේ සේරුනුවර – නීලපොළ වැලිතොටුපළ අසළ නවතා තිබූ බෝට්ටු 35ක් කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර තිබෙනවා.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් අනුව සේරුනුවර පොලීසිය එම ස්ථානයට ළඟා වන විටත් අදාළ යාත්‍රා වලට දැඩි හානි සිදුව තිබූ බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.