Gossips

රජිව් ඝාතකයන්ගේ ඉරණම තමිල්නාඩු ආණ්ඩුකාරවරයාට

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින 7 දෙනාට සහනයක් ලබාදීම පිළිබඳ වගකීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ තමිල්නාඩු ආණ්ඩුකාරවරයා වෙත පවරනු ලැබුවා.
ඒ එලෙස සිරදඬුවම් විඳින පෙරාරිවාලන් නමැත්තා විසින් 2015 වසරේ ගොනුකළ පෙත්සමක් පිලිබඳ තීන්දුව ලබාදෙමින්.
එහිදී ඔවුන් නිදහස් කිරීම හෝ වෙනත් සහනයක් ලබාදීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
පෙරාරිවාලන් 1990 වසරේ ජුනි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ රජිව් ඝාතනය පිළිබඳ කුමන්ත්‍රණය කළ බව තහවුරු වී ඇති බවයි ඉන්දීය ඔත්තු සේවා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබුණේ.
එමෙන්ම, තමිල්නාඩු ප්‍රාන්ත රජය මගින් මුරුගන්, ශාන්තන්, පෙරාරිවාලන්, නලිනි, රොබට් පයස්, ජයකුමාර් සහ රවි චන්ද්‍රන් යන 7 දෙනා නිදහස් කළ යුතු බවට ඉදිරිපත් කළ පෙත්සම ද ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉවත දමනු ලැබුවා.
එලෙස රජිව් ඝාතකයන් නිදහස් කිරීම අනතුරුදායක පූර්වාදර්ශයක් බවයි ඉන්දීය මධ්‍යම රජය මගින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම්දී ඇත්තේ.
තමිල්නාඩු ප්‍රාන්ත රජය මොවුන්ට නිදහස ලබාදිය යුතු බව ප්‍රකාශ කළේ පසුගිය වසර 27 පුරාම බන්ධනාගාර ගතව සිටීම ඒ සඳහා හේතුවක් ලෙස දක්වමින්.
කෙසේ නමුත්, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ රජිව් ඝාතකයන්ට කිසියම් සහනයක් ලබාදිය හැකි ද යන්න තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාට සලකා බැලිය හැකි බවයි.