Gossips

චීන ජනපති රුසියාවේ ආර්ථික සමුළුවකට

චීන ජනාධිපති ෂී ජින්පින් ලබන සතියේ රුසියාවේ පැවැත්වෙන ආර්ථික සමුළුවකට සහභාගි වන බව වාර්තා වනවා.
රුසියානු ඈත පෙරදිග ව්ලැඩිවොස්ටොක් නුවර සැප්තැම්බර් 11 වනදා සිට 13 වනදා පැවැත්වෙන සමුළුව සඳහා සහභාගි වන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, උතුරු කොරියානු නායක කිම්ජොං අන්ට ද ඇරයුම් කර ඇති බව සඳහන්.
ඔහුගේ සහභාගිත්වය මෙතෙක් තහවුරු කර නොමැති අතර, සහභාගි වුවහොත් එය උතුරු කොරියාව ජාත්‍යන්තර හුදකලා බවින් මිදීමේ තවත් ඉදිරි පියවරක් වනු ඇති.
රුසියානු ආර්ථික සමුළුව සඳහා ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ද සහභාගි වීමට නියමිතයි.