Gossips

එංගලන්ත – ඉන්දියා අවසන් ටෙස්ට් තරඟය අද

මෑත කාලය තුළ ක්‍රිකට් ලෝකයේ ඉමහත් අවධානයට ලක් වූ එංගලන්තය සහ ඉන්දියාව අතර, ටෙස්ට් තරඟාවලියේ පස්වන සහ අවසාන තරඟය ලන්ඩන් – ඕවල් ක්‍රීඩාංගනයේදී අද ආරම්භ වනවා.
මෙතෙක් පැවති තරඟ වලදී ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම වූ ඉන්දියාව අභිබවා 3 ට 1 ක් ලෙස ඉදිරියෙන් සිටින්නේ එංගලන්තයයි.
එංගලන්තය මේ වනවිට ටෙස්ට් කණ්ඩායම් දර්ශකයේ ශ්‍රී ලංකාවට ඉහළින් 5 වන ස්ථානයේ රැදී සිටිනවා.
මෙම තරඟාවලියත් සමඟ ඉන්දියාවට ආසියාවෙන් පිටත ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණය කිරීමේ අභියෝගය තවත් දුරස්ථ වනු ඇති.
අවසන් වරට එලෙස ඉන්දියාව ආසියාකරයෙන් පිටත ලද ටෙස්ට් ජයග්‍රහණය වන්නේ 2009 වසරේ කොදෙව් පිල පරදවා ලද ජයග්‍රහණයයි.
අද ආරම්භ වන තරඟාවලියේදී තවත් ලකුණු 56 ක් රැස් කර ගතහොත් විරාට් කෝලි හතරවන වරටත් ටෙස්ට් තරඟාවලියකදී ලකුණු 600 ඉක්ම වීමට සමත් වනු ඇති.
එමෙන්ම, ඕවල් ක්‍රීඩාංගනයේදී ටෙස්ට් ලකුණු දහස රැස් කළ තුන්වන එංගලන්ත ක්‍රීඩකයා වීමට ඇලෙස්ටෙයාර් කුක්ට රැස් කර ගත යුතු වන්නේ තවත් එක් ලකුණක් පමණයි.
මෙම ටෙස්ට් තරඟයෙන් අනතුරුව ඔහු ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගන්නේ ලන්ඩන් – ඕවල් ක්‍රීඩාංගනය ඒ සඳහා තෝරා ගත් සිව්වන ක්‍රීඩකයා ලෙසින්.