Gossips

අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මල සිරුරක් වැලිකන්දෙන් හමුවෙයි (ඡායාරූප)

මීට දින තුනකට පමණ ඉහතදී අතුරුදන් වූ අයෙකුගේ මළසිරුරක් රුවන්පිටිය කුඩා ඔය ප්‍රදේශයේ තිබී අද (07) උදෑසන වැලිකන්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා,
මෙලෙස මියගොස් ඇත්තේ 61 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි තිදරු පියෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ.
අද උදෑසන ඔහුගේ පුත්‍රයා තවත් අයෙකු සමඟ එම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි කිරීමකදී සිය පියාගේ මළසිරුර දැක පොලිසියට දැනුම් දී ඇත්තේ.
අදාළ පුත්‍රයා විසින් මීට පෙර සිය පියා අතුරුදන්ව ඇති බවට පොලිසිය පැමිණිලි කර තිබෙනවා.
පොලිසිය පවසන්නේ අදාළ මරණය සැකසහිත බවයි.
මියගිය පුද්ගලයාගේ සිරුර හමුවූ ස්ථානය ආසන්නයේ තිබූ පැලක් තුල තිබී අදාළ පුද්ගලයාගේ බවට සැකකෙරෙන ජංගම දුරකථනයක් සහ මන්නයක් පොලිසියට හමුව තිබෙනවා.
වැලිකන්ද පොලිසියයි මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

(ඡායාරූප – මනම්පිටිය නිමල් ජයරත්න)