Gossips

මතුගමදී රන් ආභරණ හා මුදල් වංචා කළ තිදෙනෙක් අත්අඩංගුවට

මතුගම ප්‍රදේශයේදී ව්‍යාජ මැණික් ගල් පෙන්වා රන් ආභරණ හා මුදල් වංචා කළ සැකකරුවන් තිදෙනෙකු ජිව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුතර නීතිය බලගැන්විමේ ඒකකයේ නිලධාරින් විසින් ඊයේ සිදු කළ වැටලිමකදීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එම අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී රත්රන් ග්‍රෑම් 56ක්,ව්‍යාජ මැණික් ගල් 04ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 35, 40 සහ 41 යන වයස්වල පසුවන බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.