Gossips

ජපාන භූ කම්පනයෙන් ජිවිත සහ දේපල හානි රැසක්

උතුරුදිග ජපානයේ – හොකයිඩෝ දිවයිනේ ඊයේ සිදුවූ රික්ටර් පරිමාණයේ 6 යි දශම 7 ක ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 40 දෙනෙකු පමණ අතුරුදන්වී තිබෙනවා.
භූ කම්පනය නිසා ඇති වූ නායයාමේ හේතුවෙන් නිවාස රැසක්ම විනාශ වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ජපානය මෙලෙස තවත් භූ කම්පනයකට ගොදුරු වූයේ වසර 25 කින් හැමූ ප්‍රබලතම සුළි සුළඟ ජේබි බටහිර දිග ජපානයේ මහා විනාශයක් සිදුකිරීමෙන් අනතුරුවයි.
එම සුළි සුළඟින් පුද්ගලයන් දස දෙදෙනකු ද ජීවිතක්ෂයට පත්වුණා.