Gossips

ඉන්දීය සුපිරි තාරකාවිය හදිසියේම ගත් තීරණය

ලෝකෙම අවධානය යොමුවූ හොලිවුඩය ජයගත් බොලිවුඩ් සිනමා තාරකාවිය ප්‍රියංකා ගැන අලුත්ම තොරතුරක් වාර්තා වනවා.
එහි දැක්වෙන්නේ ඇයගේ විවාහ උත්සවය පැවැත්වෙන දිනය පිළිබඳවයි.
මේ වනවිට ඒ සම්බන්ධයෙන් විවිධ වාර්තා පළවී තිබුනද මෙවර වාර්තා වන අන්දමට ඇයගේ විවාහ උත්සවය නිශ්චිතවම පැවැත්වෙන්නේ ඔක්තෝබර් මාසයේදී බවටයි දැක්වෙන්නේ.
විවාහ ගිවිස ගැනීමේ උත්සවයෙන් අනතුරුව දෛවඥයින් පැවසූ අනාවැකියට අනුව මෙම තීරණය ගනු ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
ඇමෙරිකාවේ පැවති උත්සවයකින් අනතුරුව මුම්බායි වෙත පැමිණි ඇය සිය සැමියා වන ගායන ශිල්පී නික් සමඟ ඉන්දීය චාරිත්‍රවලට අනුව විවාහ ගිවිසගැනීම සිදුකෙරුනා.
ඉන් අනතුරුවයි දෛවඥයින් මේ බව පවසා ඇත්තේ.
ප්‍රියංකා සහ නික් මේ වනවිට ඇමෙරිකාව බලා පිටත්ව ගොස් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් සිය අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා ප්‍රියංකා නැවතත් දින 14කින් ඉන්දියාවට පැමිණිමට සූදානමින් සිටින බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.