Gossips

අලි රොෂාන් අත්අඩංගුවට

නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රී 12 ට පමණ මහරගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අලි රොෂාන් අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලීසිය සඳහන් කළේ.
ඔහු මීට පෙර 2015 වසරේදී අත්අඩංගුවට ගනු ලැබූයේ අලි ජාවාරමේ නිරත වූ බවට චෝදනා නගමින්.
වනාන්තරවල සිටින අලි පැටවුන් අල්ලාගෙනවිත් විවිධ පුද්ගලයන්ට විකුණූ බවට ඔහුට චෝදනා එල්ල වනවා.
මොහු සන්තකයේ අලි පැටවුන් රඳවාගෙන සිටි බව ද සඳහන්.
එලෙස ඔහු රඳවාගෙන සිටි අලි පැටවුන් දෙදෙනෙකු පසුව වනජිවි දෙපාර්තමේන්තුව භාරයට ගෙන දෙහිවල සත්වෝද්‍යානයට භාර කෙරුණා.