Gossips

බ්‍රසීලයේ ජනපති අපේක්ෂකයාට පිහි පහරක්

ලබන මස පැවැත්වෙන බ්‍රසීල ජනාධිපතිවරණයේ පෙරමුණ ගත් අපේක්ෂකයා ලෙස සැලකෙන ජුයිස් ඩි ෆෝරා මැතිවරණ රැළියක් අතරතුර පිහි ප්‍රහාරයකට ලක්වී තිබෙනවා.
එයින් අක්මාවට සහ බඩවැල්වලට හානි සිදුවූ ඔහු ශල්‍යකර්මයකට ද භාජනය කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
කෙසේ නමුත් ඔහුගේ තත්ත්වය දැන් යහපත් අතට හැරෙමින් පවතින බව සඳහන්.
බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික ඡන්දදායකයින් අතර ජනප්‍රිය ජුයිස් ඩි ෆෝරා ජනපතිවරණ සටනේ ඉදිරියට පැමිණියේ බන්ධනාගාර ගතව සිටින හිටපු ජනාධිපති ලූලා ඩා සිල්වා ඊට ඉදිරිපත් වීම වැළැක්වීම හේතුවෙන්.
එමෙන්ම, ඔහු මතභේදකාරි දේශපාලනඥයෙකු ලෙස සැලකෙන අතර, ඇතමුන් හඳුන්වන්නේ බ්‍රසීලයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ලෙසයි.
rnrn