Gossips

විස්ස සම්මතයට ජවිපෙ ජනමත විචාරණයකටත් සූදානම්

විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනයට ලක් කෙරෙන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සියලූ පාර්ශවවල සහයෝගය ලබාගනිමින් සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියා.
තුනෙන් දෙකක සාමාන්‍ය බහුතරයකින් පාර්ලිමේන්තුවේ කෙටුම්පත සම්මත කර අවශ්‍ය නම් ජනමත විචාරණයකට යාමට සූදානම් බවද විජිත හේරත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළා.