Gossips

නව රාජ්‍යතාන්ත්‍රිකයන් 4 ක් ජනපතිට අක්තපත්‍ර භාරදෙයි

ශ්‍රී ලංකාව සඳහා පත් කෙරුනු නව රාජ්‍යතාන්ත්‍රිකයන් 4 දෙනෙක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත අක්තපත්‍ර භාරදුන්නා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මැලේසියාව සහ සැම්බියාව නියෝජනය කරමින් මහ කොමසාරිස්වරුන් දෙදෙනෙක්, ස්විට්සර්ලන්තය සහ ග්වාතමාලාව සඳහා තානාපතිවරුන් දෙදෙනෙක් පත්ව ඇති බවයි.
ඉහළ ජාත්‍යන්තර සහයෝගයක් සමග සංවර්ධනයේත් සංහිඳයාවේත් අරමුණු ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකාව යන ගමනේදී නව රාජ්‍යතාන්ත්‍රිකයන් ද ඊට උපරිම සහය ලබාදෙනු ඇතැයි තමා විශ්වාස කරන බවයි අක්තපත්‍ර භාරදීමෙන් පසු ජනාධිපතිවරයා කියාසිටියේ.