Gossips

දෙවැනි ජනබලය මහනුවරට

කොළඹ නගරයේ බලය ඊයේ දහවල් 12 සිට අත්පත් කරගැනීමට ඒකාබද්ධ විපක්ෂයට හැකියාව ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මීළඟ ජනබල විරෝධතාව මහනුවරින් ආරම්භ කරන බවයි.
මෙම මාධ්‍ය හමුවට පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලද එක්ව සිටි අතර, ඔහු කියා සිටියේ ඊයේ පැවති ජනබලය විරෝධතාව ඉතිහාසගතවන බවයි.