Gossips

30 වන මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව ජනපති ප්‍රධානත්වයෙන් ගමන් අරඹයි

30 වන මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව රැගත් රථ පෙරහර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රය අසලින් අද පෙරවරුවේ ආරම්භ කෙරුණා.
ස්වයංපෝෂිත යුගයක් – මහවැලි තාරුණ්‍යයට අපමණ අගයක් යන තේමාව යටතේ මහවැලි ගොවි දරු දැරියන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය ඔප්නැංවීම මෙම ක්‍රීඩා උළෙලේ අරමුණයි.
වාර්ෂිකව සංවිධාන කෙරෙන මහවැලි ක්‍රීඩා උළෙල මේ මස 15 සහ 16 යන දෙදින තුල මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.
ක්‍රීඩා උළෙල සඳහා මහවැලි කලාප 10 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,000 ක් එක්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මේ අතර සරු දිවියට කෘෂි සවියක් යන තේමාව යටතේ බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සංවිධාන කළ කෘෂිකර්ම හා සත්ව නිෂ්පාදන ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවටද ජනාධිපතිවරයා අද පෙරවරුවේ එක්වුණා.