Gossips

බද්ධ සැත්කම් කිරීම් සදහා අවයව ලබාගැනීමට නව වැඩපිළිවෙලක්

බද්ධ සැත්කම් කිරීම් සදහා අවශ්‍ය අවයව ගුවන් මගින් ප්‍රවාහනය කිරිම සදහා නීති ප්‍රතිපාදන සළසා ගැනීම වෙනුවෙන් පනතක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
මේ වනවිට දිවයින පුරා රෝහල් රැසක විවිධ බද්ධ කිරීම් සිදු කරනු ලබන අතර ඒ සදහා අවශ්‍ය අවයව කඩිනමින් රෝහල් වෙත ගෙනඒම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය මේ වන විට ලබාදී ඇත්තේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින්.
නමුත් අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන මත අඛණ්ඩව සිදු කරගෙන යාම සදහා පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරුන් විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට යෝජනා කර ඇත්තේ.
කොළඹ ජාතික රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල සහ මහනුවර මහ රෝහලේ මේ වනවිට අක්මා බද්ධ සැත්කම් 40 ක් පමණ සිදුකර තිබෙනවා.