Gossips

ඥානසාර හිමියන් නැවතත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට

සිරදඬුවම් නියමව සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද යළි ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
උන්වහන්සේට සිදුකළ සැත්කමින් පසුව ඇතිවූ මුත්‍රා ආසාදනයක් හේතුවෙන් මෙලෙස අද පෙරවරු 9 ට පමණ වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත් සේනාරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
පසුගිය 20 වනදා උන්වහන්සේගේ වකුගඩුවල පවතින ගලක් පැයක පමණ කාලයක් සිදුකළ සැත්කමකින් පසුව ඉවත් කරනු ලැබුවා.
පසුව උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරීමත් සමඟ ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් ඥාණසාර හිමියන්ව වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත රැගෙන යනු ලැබුවේ පසුගිය 30 වනදායි.
මේ වනවිට උන්වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පස්වන වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට පැහැදිළි කරන බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන්.