Gossips

උතුරු සහ දකුණු කොරියා නායකයින් යළි හමුවේ

උතුරු සහ දකුණු කොරියානු නායකයන් තුන්වන වරටත් හමුවීමට සූදානම් වනවා.
උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ දකුණු කොරියානු නායක මුන් ජේ ඉන් අතර මෙම හමුව මේ මස 18 වනදා සිට 20 වනදා දක්වා පැවැත්වෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙහිදී න්‍යෂ්ටික අත්හදාබැලීම් නැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතයි.
මේ අතර තමන් දකුණු කොරියාව සහ ඇමරිකාව සමඟ ඉදිරියටත් කටයුතු කිරීමට සූදානම් බව උතුරු කොරියානු නායකයා ප්‍රකාශ කර තිබෙනවා.