Gossips

කොළඹ වරායේ කන්ටේනරයක තිබී නොසිතූ දෙයක් හමුවෙයි

කොළඹ වරායේ කන්ටේනරයක තිබී ට්‍රැමඩෝල් මත්පෙති තොගයක් සොයාගනී
කොළඹ වරායේ කන්ටේනරයක් තුළ තිබී අධි සාන්ද්‍රණයෙන් යුත් ට්‍රැමඩෝල් මත් පෙති තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අද අලූයම සොයාගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ට්‍රැමඩෝල් මත් පෙති එක්කෝටි පනස් ලක්ෂ පන්දහස් එකසිය හැත්තෑවක් මෙලෙස සොයාගත් බවයි.
ඉන්දියාවේ සිට කොළඹ වරාය හරහා ලිබියාවට රැගෙන යාමට මෙම මත්පෙති තොගය සූදානම් කර තිබූ අතර, එය පෙට්ටි 585 ක අසුරා තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.