ගිරිබාව – සඳගල – යාය පහ ප්‍රදේශයේදී පියෙකු සිය පුතුට උදැල්ලකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මෙලෙස මියගොස් ඇත්තේ 27 හැවිරිදි තරුණයෙක්.
ඔහු බීමත්ව සිය පියා සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇති අතර, එහිදී පියා මෙලෙස උදැල්ලකින් පහරදී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ගිරිබාව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.