Gossips

‘‘ජනබලය’’ අසාර්ථක බව ආණ්ඩුව කියයි

ඒකාබද්ධ විපක්ෂය ඊයේ පැවැත් වූ ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරය අතිශය අසාර්ථක බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ රාත්‍රියේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සහ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර කියා සිටියේ ජනතාව සහ ව්‍යාපාරිකයින් මින් පීඩාවට පත්වූ බවයි.
එමෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සුපිරි හෝටල්වල නවාතැන් ගන්නා බවත්, සාමාන්‍ය ජනතාව මහා මාර්ගයේ රැඳී සිටින බවත් ඔවුන් සඳහන් කළා.