Gossips

එජපායට 72 යි

එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා.
ඒ නිමිත්තෙන් විශේෂ උත්සවයක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පෙරවරුවේ පැවැත්වෙන්නේ පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
1946 වසරේ සැප්තැම්බර් 6 වන දා එක්සත් ජාතික පක්ෂය ආරම්භ වන්නේ නිදහස් සටනේ පෙරමුණ ගත් දිවංගත අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායකයන්ගේ මූලිකත්වයෙන්.
1948 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා බවට පත්වන ඔහු, 1952 දී අභාවප්‍රාප්ත වීමෙන් පසු ඔහුගේ පුත් ඩඞ්ලි සේනානායක අග්‍රාමාත්‍යවරයා බවට පත්වනවා.
ඉන් අනතුරුව පක්ෂ නායකත්වයට පත්වන්නේ ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයායි.
1977 වසරේ පැවති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ ආසන 6න් 5ක බලයක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගන්නේ ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ මෙහෙයවීම යටතේයි.
1988 වසරේදී රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත්වන අතර 1993 දී එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්වනවා.
පක්ෂයේ ප්‍රබලයන් රැසක් එල්.ටී.ටී.ඊ. ප්‍රහාරවලින් ජීවිතයෙන් සමු ගනිද්දී වත්මන් නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පක්ෂය මෙහෙයවීමේ වගකීම භාරගනු ලැබුවා.