Gossips

නෙවිල් ප්‍රනාන්දු රෝහල ගුවන් හමුදාවට

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පවරා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කළ මෙම යෝජනාව සාකච්ඡා කිරීම සඳහා නිලධාරී කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව සඳහන්.
සයිටම් වෛද්‍ය පීඨයේ දීර්ඝ කාලයක සිට පැවති අර්බුදය පිළියමක් වශයෙන් එහි අධ්‍යාපනය ලබමින් සිටි 900 කට ආසන්න වෛද්‍ය සිසුන් කණ්ඩායමක් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට පසුගිය කාලය තුළ අන්තර්ග්‍රහණය කරනු ලැබුවා.