Gossips

නාගොඩ අනතුරකින් පුද්ගලයෙකු මියගොස්, තුන්දෙනෙකු රෝහල් ගත කෙරේ

ගාල්ල – නාගොඩ – මාපලගම – උඩුගම මාර්ගයේ ගල්වාන මංසන්ධිය අසලදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලීසිය සදහන් කළේ මාපලගම දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් ඊයේ මෙම අනතුර සිදුව ඇති බවයි.
සිද්ධියෙන් ත්‍රිරෝද රථයේ රියදුරු ඇතුලූ එහි ගමන් ගත් තුන්දෙනෙකු තුවාල ලබා උඩුගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පසුව යටලමත්ත ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය කියා සිටියේ.