Gossips

වන සතුන්ගෙන් සිදුවන වගා හානිය ගැන ජනපතිට වාර්තාවක්

වන සතුන්ගෙන් සිදුවන වගා හානිය වළක්වා ගැනීම සඳහා වාර්තාවක් සකස් කර මාසයක් තුළ ජනපතිට ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මෙරට වාර්ෂිකව වනසතුන්ගෙන් සිදුවන වගා හානිය සියයට 40 ඉක්මවා ගොස් ඇති බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.
මේ හේතුවෙන් රුපියල් මිලියන 18 ක පාඩුවක් වාර්ෂිකව සිදුවනවා.
පසුගිය කාලසීමාවේදී වගා හානිය වැළැක්වීම සඳහා ගත් ක්‍රියාමාර්ග අසාර්ථක වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදීමට මෙලෙස තීරණය කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යාංශයේ ඊයේ (04) පැවති විශේෂ සාකච්ඡාවකදී සදහන් කර ඇත්තේ.