Gossips

පළාත් පාලන ආයතන දියුණු කිරීම සඳහා දකුණු කොරියාවේ සහය

පළාත් පාලන ආයතනවල කාර්ය භාරය විධිමත් කිරීම සඳහා නව මුහුණුවරකින් උපදේශනය සහ සම්පත් දායකත්වය ලබාදීමට දකුණු කොරියාව එකඟතාව පළ කර තිබෙනවා.
ඒ, දකුණු කොරියාවේ නව තානාපති ලී හොන් සහ විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අතර අද(16) පැවැති සාකච්ඡාවකදියි.
මේ අනුව පළාත් පාලන ආයතන විසින් එක්රැස් කරන මධ්‍යස්ථාන වෙත කසල ප්‍රවාහනය කිරීමේ රථ 190ක් කොරියානු රජය විසින් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
මෙහිදී කොරියාවේ භාවිත කරන නාගරික ගිනි නිවීමේ උපකරණ සහ තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙසයි අමාත්‍ය ෆයිසර් මුස්තාෆා නව දකුණු කොරියානු තානාපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.