Gossips

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

විධායක ජනාධිපති ධූරය සංශෝධනය කිරීම සඳහා වූ විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ජනතා විමුක්ති පෙරමුණ අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් යෝජනාව ඉදිරිපත් කළ අතර, එය සම්මත කරනු ලැබුවේ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින්. 2
0 වන ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කරනු ලැබුවේ පසුගිය ජූලි 9 වනදායි.
එය ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය මැයි මස 25 වනදා කතානායකවරයාට සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දුන්නා.