Gossips

බදුල්ලේ දී බස් රථයකට ප්‍රහාරයක්

කොළඹ අද (05) පැවැත්වෙන ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට සහභාගිවීම සඳහා සූදානම් කර තිබූ බස් රථයකට බදුල්ල – බෝගහමඩිත්ත ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාගේ ආධාරකරුවන් පිරිසක් විසින් මෙම බස් රථයට පිරිස් එක්රැස් කරමින් සිට ඇති අතර, එම අවස්ථාවේදී අංක තහඩු නොමැති කැබ් රථයකින් පැමිණි පිරිසක් මෙම පහරදීම සිදුකළ බවයි එහි සංවිධානය කටයුතුවල නිරත වූ කාන්තාව හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය හාලිඇල පොලීසියෙන් විමසීමක් කළ අතර එහි ස්ථානාධිපතිවරයා සඳහන් කළේ බස් රථයකට ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.
එහෙත් එම බස් රථය ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට පැමිණීමට සූදානම් කර තිබූ එකක් බවට එහි රියදුරු ලබාදුන් කටඋත්තරයේ සදහන් නොවන බව ද ඔහු ප්‍රකාශ කළා.