Gossips

නීතිවිරෝධීව මැණික් ගැරූ 9ක් අත්අඩංගුවට

හැටන් – බගවන්තලාව – පෙට්ට්‍රසෝ ප්‍රදේශයේ තේ වත්තක බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සදහන් කළේ ඊයේ (04) අත්අඩංගුවට ගත් මොවුන් අවුරුදු 31ත්, 37ත් වයස්වල පසුවන්නන් බවයි.
මේ අතර, කෑගල්ල – නිල්මල්ගොඩ ආරණ්‍ය සේනාසනයේ නිධන් හැරීමට පැමිණි චීවරධාරියෙකු ඇතුළු 5 දෙනෙකු ද ඊයේ රාත්‍රියේ පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
සැකකරුවන් හොරණ, මාළඹේ, තංගල්ල සහ අවිස්සාවේල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් පැමිණි ත්‍රිරෝද රථය සහ ජීප් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.